මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය
එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) වෙතින් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් ලබාගැනීම සඳහා වූ ආන්දෝලනාත්මක ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (MCC) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇ.ඩො. ලියන 480ක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි.
කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්රදානය යටතේ ක්‍රියාත්මක වන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
මෙම ප්රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින්, රටේ ප්‍රධාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇති බවත්, MCC සමග මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘතිය සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතින බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
ඇමෙරිකානු ජනතාවගෙන් මෙම ප්රදානය ලබාගන්නා 37 වැනි රට ශ්‍රී ලංකාව බව පවසන මුදල් අමාත්‍යාංශය, ඊයේ (29දා) අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නුදුරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවත්, එය 2020 ආරම්භ වීමත් සමග ක්‍රියාත්මක කෙරෙන බවත් පවසයි.
මෙය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් වන අතර, රටේ ඉදිරි අනාගතයට හොඳ අවස්ථාවක් වනු ඇති බවද පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය, MCC වෙතින් ලැබෙන මෙම ප්රදානය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට සාකච්ඡා ඇරඹුවේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 2001 වසරේදී බවද කියයි. ඒ අනුව, මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ සහ MCC නියෝජිතයන් අතර පැවැත් වූ බවත්, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීන්දුවට එළඹීමට හැකි වූ බවත් අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Champa Wednesday, 30 October 2019 11:18 AM
වහල් ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ මේ ගිවිසුම හදිසියේ අත්සන් කරන්න. එකම හේතුව ගෝඨාභය මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියල කියන්නේ නැති එක. වහල් ආණ්ඩුව හිතනවා ඊට ඉස්සෙල්ල තමන් අත්සන් කරන්න ඕනේ කියල. යූඑන්පී ආවත් පොහොට්ටුව ආවත් මේ ගිවිසුම අත්සන් කරනවා කියල හොඳටම පැහැදිලියි. මහින්දයි විමලුයි සිංහල ජාතියයි රටයි ලජ්ජා සහගත විදිහට පාවල දුන්න ගෝඨාභය වගේ ඇමරිකන් ගැත්තෙක් දැන දැනම ජනාධිපතිවරනෙට දාල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

