ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්රිත ප්‍රදේශයේ ඊයේ (02දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් මන්නාරම වැලිපර ආශ්රිත ප්‍රදේශයේ ඊයේ (02දා) සන්ද්‍යා කාලයේදී සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස පාර්සල් දහනවයක් ලෙස අසුරා එම ප්‍රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් රට තුළට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරල ගංජා තොගය මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 14 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.
