තම විදුලි බිලෙන් මිලියන 07ක මුදලක් ගෙවා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වෙතත් තමන්ට ලැබිි ඇතිි විදුලි බිල්පත්වල ගැටලුවක් ඇති බවද ඔහු පැවැසීය.
කෙහෙළය රඹුක්වැල්ල මහතාගේ හිඟ විදුලිි බිල්පත්වල වටිනාකම රුපිියල් මිලියන 20ක් විය. එසේම විදුලි බිල්පත් සිය නමෙන් නොමැති බවත් එය නිවැරදි කරන ලෙස විදුලි බල මණ්ඩලයට අවස්ථා කිහිපයකදී සඳහන් කළත් ලංකා විදුලි බල මණ්ඩලය එය නිවැරදි නොකළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
තමා 2015 දී අදාළ නිවසට පැමිණෙන විට මාසික බිල්පත් රු. 25,000 සිට රු. 30,000 ක් වූ නමුත් එම අගය අඛණ්ඩව ඉහළ යමින් ඇතැම් අවස්ථාවලදී මාසිකව රුපියල් 760,000 ක පමණ බිලක් පැමිණි බවත් ඔහු පැවැසය.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් නමුත් එයට පිළිතුරක් නොලැබුණු බවද ඔහු පැවැසීය.
වගකිවයුතු පුරවැසියෙකු ලෙස තමන් රුපියල් මිලියන 7 ගෙවූ නමුත් මෙය නීතිමාර්ගයට ගෙනියන බවත් ඔහු පැවැසීය.
ඩේලි මිරර් ඇසුරෙනි