අක්කර විස්සකට වැඩි ප්‍රමාණයක් මෙවර දේශීය ලොකු ලූණු වගා කළ ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ ගොවි මහතෙකු තම වගාබිමට පැමිණීම කෘෂිකර්ම උපදේශක නිලධාරින් හට බැණ වැදී නැවතත් වගා බිමට එන්න එපා යැයි පවසමින් උරණ වන්නට විය.
තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතාට ද දුරකථනයෙන් කතා කොට මෙම බරපතල ප්රශ්නය සඳහා විසඳුම් ඉල්ලා සිටීම විශේෂත්වයකි.
දේශීය ලොකු ලූණු වගාව ආරම්භක ගොවි මහතෙකු ලෙස ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ එස්.ඒ රතනපාල මහතා නම් දරා සිටින ගොවි රජෙකි ,අවස්ථා ගණනාවකින් ගොවි රජු ලෙස සම්මානයට පාත්‍ර වූ රතනපාල මහතා කම්කරුවන් සියයකට අධික ප්‍රමාණයකට රැකියා ලබා දෙමින් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් එළවළු සහ විවිධ භෝග වගා කිරීම කාලයක සිට සිදුකරගෙන එන ගොවී මහතෙකි.
දේශීය ලොකුණූ බීජ නිෂ්පාදනය අල නිෂ්පාදනය ඔහුගේ ප්‍රධානතම ගොවිතැනය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් උපදෙස් පරිදි රතනපාල මහතා මෙවර දේශීය ලොකුණුවුණු අක්කර 20 පමණක්ම වගා කොට තිබේ
තවත් දින හතකින් අටකින් පමණ තමන්ගේ අස්වැන්න නෙළීමට ආසන්න තිබියදීත් වෙළඳපළේ විදේශීය ලොකු ලූණු ගෙන්වා රුපියල් 70 සිට සියය දක්වා මිල ගණන් යටතේ අලෙවි වීම නිසා තම නිෂ්පාදන වලට මිලක් අහිමිවීම පිළිබඳව ඔහු දැඩි කනස්සල්ලෙන් පසුවන බව සඳහන් කරන්නට විය.
එස්. ඒ .රතනපාල මහතා සඳහන් කළේ තමන් තවත් ගොවීන් කිහිප දෙනෙකු සමඟ පසුගිය දා කොළඹ කෘෂිකර්ම අමාත්‍යංශයට ගොස් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායම මුණගැසුණු බවය.
එහෙත් කිසිදු සාධාරණ ප්‍රතිඵලයක් තමන්ට නොවූ බවත් මෙම කෘෂිකර්ම කණ්ඩායමට මේ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බව දැඩි ලෙස චෝදනා කරන්නට විය.
මෙමෙ සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවේ දී කෘෂිකර්ම උපදේශක නිලධාරීන් මහත්වරු දෙදෙනෙකු තම වගාබිමට එනු දුටු රතනපාල මහතා දැඩිව කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් වගා කිරීම සඳහා උපදෙස් ලබා දී වගා කිරීමට උනන්දුව ඇතිකොට අවසානයේදී වගාවේ නිසි ප්‍රතිඵලය ලබාදීමට ඔවුන් උනන්දු නොවන බව පවසා දැඩිව චෝදනා කරන්නට විය.
කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි කෘෂිකර්ම උපදේශක නිලධාරීන් සඳහන් කළේ තමන්ට පැවරී ඇත්තේ වගා ප්‍රවර්ධනය කිරීම බවය. එමෙන්ම සාධාරණ මිලක් ලබා දෙන ලෙස බලධාරීන්ට තමන්ගේ භූමිකාවේ සිට දන්වා තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එහෙත් ඉදිරියේදී ගොවීන් දේශීය ලොකු ලුණු වගාවෙන් මේ ආකාරයෙන් ඉවත් වීමේ දැඩි අවධානමක පවතින බවද එම නිලධාරීන්ද පිළිගන්නේම විශේෂත්වයකි.
මෙහිදී එස් ඒ රතනපාල මහතා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාට දුරකථන ලබාගෙන සඳහන් කළේ මෙම දේශීය ලොකු ලුණු ගොවියාගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙසය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ලබන සඳුදා වන විට යම් තීන්දුවක් ලබාදීමට උත්සාහ කරන බවය කෙසේ වෙතත් ලබන සඳුදා වන විට දේශීය ලොකුලුණු බොහෝ දුරට වෙළඳපලට ලැබීමට නියමිතව තිබේ.
විදේශීය ලොකු ලූණු මෙ වන විට වෙළඳපොලේ විශාල තොග ප්‍රමාණයක් ගෙනැවිත් ගබඩා කර තිබෙන බවද ප්‍රදේශයේ ලුණු ගොවීන් පෙන්වා දෙති.





