නීති විරෝධි ලෙස ලෙස බහුදින යාත්රාවකින් මැලේසියාවට පලා යමින් සිටි මියන්මාර් ජාතිකයින් 104 කට ආසන්න පිරිසක් ගමන් ගත් යාත්රාව ආපදාවකට ලක්ව පාවෙමින් තිබියදී 18 දින අලුයම නාවික හමුදා විසින් වෙත්තලෙයිකනි මුහුදු සිමාවෙදි අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
අදාල යාත්රාව වෙත්තලෙයි මුහුදු තිරයෙ පාවෙමින් තිබියදී උතුරු නාවික විධානයෙ නාවිකයින් විසින් අදාල යාත්රාව අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
එසේ අත් අඩංගුවට ගත් යාත්රාව හා මියන්මාර් ජාතිකයින් පිරිස මේ වන විට කන්කසන්තුරේ නාවික හමුදා මුලස්ථානයට රැගෙන එමින් ඇති බව නාවික හමුදාව පවසයි.
අදාල යාත්රාවේ වයෝවෘද්ධ කාන්තාවන් හා පිරිමින් හා කුඩා දරුවන් ඇතුළුව 104 කට සිටින බව නාවික හමුදාව පවසයි.
මෙම යාත්රාව මියන්මාර් වලින් පැමින ඇත්තේ කුමන දිනකදැයි තවමත් නිසි තොරතුරු නොමැති බවද නාවික හමුදාව පවසති.
කෙසේ වෙතත් අදාල මියන්මාර් ජාතිකයින් කන්කසන්තුරේ නාවික හමුදා කදවුරට රැගෙන ඒමෙන් පසු පරික්ෂණ ආරම්භ කරන බව නාවික හමුදාව පවසති.
