මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව කුරුණෑගල කොවිඩ් ආසාදිතයන් 45ක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු අද (12දා) දිනය වන විට වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශ මට්ටමෙන් ගත් විට වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කටුුුපොත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බළ ප්‍රදේශයෙන් බවද වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සඳහන් කළේය. එම ප්‍ර දේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 10කි.
පන්නල සහ කුලියාපිටිය ප්‍රදේශ වලින් ආසාදිතයින් 8 දෙනා බැගින්ද, නාරම්මල ආසාදිතයින් 6 ක්ද, පොල්පිතිගම සහ අලව්ව ප්‍රදේශ වලින් ආසාදිතයින් 3 බැගින්ද, ගල්ගමුවෙන් ආසාදිතයින් 2 ක්ද මේවනවිට වාර්තා වී ඇති බවද ඒ මහතා පැවසීය. මීට අමතරව තවත් ප්‍ර දේශ පහකින් එක් රෝගීයා බැගින් ආසාදිතයන් 5ක් වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
