මිනිස් වෙළදාම පිටුදැකීම සදහා නැගෙනහිර පළාත් විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කල යුතු බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම යාන්ත්‍රණය ස්ථාපිත කරන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.
පළාතේ සියළු රාජ්‍ය නිළධාරින් දැනුවත් කර ඔවුන්ගේ සහය ඒ සදහා ලබා දීමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය මෙහිදි කීවාය.
“මිනිස් වෙළදාමට එරෙහිව රජය සහ ප්‍රජා මූල සංවිධාන සවිබල ගැන්වීම තුලින් වැඩි බලපෑමක් ඇති කිරිම” යන මැයෙන් ඇම්කෝර් ආයතනය විසින් සංවිධානය කළ විශේෂ හමුවකට ත්‍රිකුණාමලය පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදි එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.
මිනිස් වෙළදාම මැඩ පැවැත්වීම සදහා ඇම්කෝර් ආයතනය විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදි එම ආයතනයේ ප්‍රධානීන් විසින් පැහැදිලි කළහ.
එහිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුවන මිනිස් වෙළදාම මැඩ පැවැත්වීම සදහා රාජ්‍ය නිළධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරිම, වින්දිතයන් හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය උපකාර කිරිම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔවුන් පැහැදිලි කළහ.
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, ඇම්කෝර් ආයතනයේ අධ්‍යක්ෂක පී.මුරලිතරන්, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානයේ නැගෙනහිර පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක මේරි මයුරින් ලැම්බර්ට් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියාය.