ඝාතනයට ලක් වූ විදානගමගේ අරුණ ප්රියන්ත හෙවත් 'මිද්දෙණියේ කජ්ජාගේ' වැඩිමහල් පුත්රයා පොලීසියට ලද තොරතුරක් මත විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්රශ්නකිරීම්වලට අනුව වීරකැටිය යක්ගහමුල්ල ප්රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නිවසක සගවා තිබී අදාල ගිනිඅවිය සොයාගෙන ඇති බව පොලීසිය කියයි.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ විදෙස් රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනිඅවියක් වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.