මිතුරෙකු සමග නානුඔය ඩෙස්පොඩ් ඇළෙහි දිය නැමට ගිය තරුණයෙකු එම ඇළෙහි ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ජි.ජනක මහතා පැවසිය.
මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නානුඔය ඩෙස්පොඩ් වත්තේ ඉහල කොටසේ පදිංචි මගාදේවන් සතිෂ්කුමාර් නැමති අවු 18 හැවිරිදි තරුණයෙකි.
කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි මෙම තරුණයා සිය නිවසට පැමිණ නානුඔය කිරිමැටිය ප්‍රදේශයේ ක්ලාන්ටන් වතුයායේ පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසට පැමිණ මිතුරා සමග (26) දින පස්වරු 1 ට පමණ කොත්මලේ ඔයට ජලය ගලා බසින ඩෙස්පොඩ් ඇළෙහි දිය නැමට ගොස් ඇත.
දින නාමින් සිටි තරුණයා එකවරම ඇළෙහි ගිලි අතුරුදහන් විමත් සමග අතුරුදහන් වු තරුණයා සොයා එම වතුයායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වුවත් සිරුර සොයා ගැනිමට නොහැකි වු නිසා නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ජිවිත ආරක්ෂක නිලධාරින් විසින් අතුරුදහන් වු තරුණයාගේ සිරුර එම ඇළෙහි අඩි 10 පමණ ගැඹුරෙහි තිබි ගොඩගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.