මිතුරාගේ රු. මිලියන 5කට විද්ද මිතුරා
කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් රැගෙන අනෙක් මිතුරා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
පැමිණිකාර ව්‍යාපාරිකයා සහ මුදල් සොරාගෙන පලා ගිය ඔහුගේ මිතුරා පාසල් වියේ සිටම කුළුපග මිතුරන් වන අතර වහනයක් මිලදී ගැනීම සඳහා පැමිණ දෙදෙනාම හෝටලයේ කාමරයක මත්පැන් පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් ව්‍යාපාරික මිතුරාට නින්ද යාමෙන් අනතුරුව සැකකාර මිතුරා ඔහුගේ මුදලුත් රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පැමිණිලිකාර ව්‍යාපාරිකයා කහව පදිංචි පදිංචිකරුවෙකු බවත් පලා ගිය සැකකරු කොස්ගොඩ මාදෝබේ පදිංචි කරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනතුංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

