හෙට පැවැත්වෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති විසින් සංවිධාන කර ඇති මැයි දින පෙලපාලි සහ රැස්වීම් සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සඳහා මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් මේ වටවිටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරනුයේ පිට පළාත්වල පැවැත්වෙන පෙලපාලී සහ රැස්වීම් සඳහා සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිමා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වනවිටත් පොලිස් මූලස්ථානය විසින් අව්‍යශ උපදෙස් සහ නියෝග ලබා දී ඇති බවයි.
එමෙන්ම මහනුවර නගරයේද රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීමට නියමිත බැවින් නගරය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන රථවාහන රියදුන් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.
එමෙන්ම කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයිද කොළඹ නගරයේ මැයි දින සැමරුම් පැවැත්වෙන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිස් මූලස්ථානය රථවාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.