මැයි 4,5.6 දිනයන් බදුල්ලට අවධානම්
මැයි මස 4,5,6 යන දිනයන් බදුල්ලට කොවිඩ් 19 බලපෑම පිළිබඳව ට තීරණාත්මක දිනයන් වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුසිත ගුණතිලක මහතා පැවසීය.
ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරින් සමග අද (2දා) පැවැති සාකච්චාවකදී ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසුවේ ඉකුත් 22 වැනිදා වැලිසර සිට නාවික හමුදා සාමාජිකයන් පැමිණ බස්රථ බදුල්ලේ නතර කර ඔවුන්ගෙන් කීපදෙනෙක් බදුල්ල නගරයේ විවිධ ස්ථානයන්ට ගමන් කර ඇති බව අනාවරණය වූ බවයි .
ඒ අනුව 22 වනදා සිට වෛරසය තවෙකෙකුට අසාධානය වී ඇත්නම් ඒ බව හෙළිවන අවසන් දින කීපය මෙම දිනයන් වන බව ද සඳහන් කළේය.
මේ දින තුනේ බදුල්ල නගරයට සංචරන සිමා කිරීම තුළින් අවධානම අවම කර ගත හැකි බවද අවධාරණය කළේය.
පවතින අවධානම ගැන සළකා එම දින තුනේ බදුල්ල නගරයේ වෙළදසැල් වසා දමන ලෙස එම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරී ජී.ආර්.ඩී. කුමාරවංශ මහතා පැවසීය.
බදුල්ල පාලිත ආරියවංශ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

