මැදවච්චිය සමූප ඡන්දය සජබ ජයගනියි
මෙවර මැදවච්චිය විවිධ සේවා සමූපකාර ඡන්දය සමගි ජන බල වේගය නියෝජනය කළ කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බවත් එම ඡන්ද විමසීමේදී මැදවච්චිය විවිධ සේවා සමූපකාරයේ සාමාන්‍යඅධිකාරිවරයා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වමින් අක්‍රමිකතා රැසක් සිදු කර ඇති බව මැදවච්චිය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
2023 වර්ෂය සඳහා මැදවච්චිය සමූපකාර ජන්ද විමසීම අද (14) දින ඡන්ද මධ්‍යෂ්ථාන 11 ක පැවැත්වුණි. ඒ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහණ බණ්ඩාර මහතා එසේ කීවේය.
මෙවර සමූපකාර ඡන්ද විමසීමේදී පූනෑව මහ සභා නියෝජිතයින් 11 , කිරිගල්ලෑව මහ සභා නියෝජිතයින් 09, පිහිඹියගොල්ලෑව මහ සභා නියෝජිතයින් 09 , විරාල්මුරුප්පුව මහ සභා නියෝජිතයින් 07 සහ ඇතාකඩ මහ සභා නියෝජිතයින් 04 ක් ලෙස මහ සභා නියෝජිතයින් 40 ක් සමගි ජන බල වේගය ජයග්‍රහණය කළේය.
වල්පොල මහ සභා නියෝජිතයින් 09,මැදවච්චිය මහ සභා නියෝජිතයින් 16 යි ,මහකුඹුගොල්ලෑව මහ සභා නියෝජිතයින් 06 හා මොරගොඩ මහ සභා නියෝජිතයින් 04 ක් ලෙස මහ සභා නියෝජිතයින් 35 ක් ජාතික ජන බල වේගයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.
එහිදී පරණහම්මිලෑව සහ යකාවැව ඡන්ද මධ්‍යෂ්ථාන ඝන පූර්ණ නොවීම හේතුවෙන් මැතිවරණය දින 14 ක් ඇතුලත පැවැත්වීමට කල් දමා ඇත.
popular news
-
LGPJ Monday, 16 January 2023 12:49 AM
Political gangs at Sri Lankan Co-operative movement will be finished .!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

