මැදපෙරදිග රැකියාවට ගොස් හිරිහැරවලට ලක්ව සිටි 414 දෙනෙකු දිවයිනට
මැදපෙරදිග , කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 414 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මෙවැනි පිරිස් මෙම රටවල කණ්ඩායම් වශයෙන් විවිධ ස්ථාන වල රැදී සිටින බවට තොරතුරු ශ්‍රී ලංකාව වෙත ලැබී තිබූ අතර , ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි .
මෙයින් පළමු කණ්ඩායම ලෙස 186 දෙනෙකු 01/11 දින සවස 5.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මීට අමතරව අද දින අලුයම 2.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 225 දෙනෙකු දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
පසුව මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
