පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය තමන් පිළි නොගන්නා බවත් නියමිත ආකාරයට එම මැතිවරණය පවත්වා ජනාධිපතිවරයාගේ පක්ෂයට රටේ තිබෙන සැබෑ තත්වය තේරුම්ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (25) මල්වතු මහා විහාරයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි .
“මැතිවරණයක් නොතියෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ. ජනාධිපතිවරයා ගේ යුතුකම මැතිවරණ පැවැත්වීමයි. ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. එදා අපේ හැම මැතිවරණයක්ම නිසි කලට තිබ්බේ අපි දිනන බව දන්න නිසයි. නමුත් මේ ආණ්ඩුවට දැන් සැකයක් ඇති දිනන්න පුළුවන් වෙයිද කියලා.
මුදල් ගැටළු ඇති නමුත් මැතිවරණ තියන්නේ නෑ කියන එක වැරදියි. මැතිවරණය තිබ්බොත් ජනාධිපතිතුමාටත් තේරුම් ගන්න පුළුවන් එයාගෙ පක්ෂයට රටේ තියෙන සැබෑ තත්වය. මේ ආණ්ඩුව ගැන ජනතාව හිතන විදිහ මැතිවරණයකින් දැනගන්න පුළුවන්. නැත්නම් රටේ තත්වය ජනතාවගේ මතය කොහොමද දැනගන්නෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලබා ගැනීමේ හැකියාව රජයට තිබිය යුතුයි. මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් හැර වෙනත් මුදල් ලබා ගැනීමේ කිසිම ක්‍රමවේදයක් රජයට නැහැ. මේ වන විට රටේ අගමැතිවරයෙකු සිටින බැවින් අගමැතිවරයෙකු පිලිබද ගැටලුවක් පැන නගින්නේ නැහ .
ඡන්දය පිළිබඳව ස්ථීර දින වකවානු නොමැති බැවින් තම පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු මේ වනවිට සිදු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා නමුත් ඉදිරි දිනවලදී බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එම ප්රචාරක කටයුතු සහ අනෙකුත් මැතිවරණවලට අදාළව ප්රචාරක කටයුතු ආරම්භ කරනවා”