මැතිවරණය ගැන ඉක්මන් තීරණයක් ගත යුතුයි
මැතිවරණ ප්රචාරක කටයුතු වලට සහභාගී වන අපේක්ෂකයන් විශාල වශයෙන් මුදල් වැය කරමින් සිටින බවත් තවත් කල් නොගොස් හදිසියේ මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව තීරණය කළහොත් එම වැය කරන මුදල් අපතේ යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය .
එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන් දිරිගැන්වීම සඳහා අද (12දා) මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී වික්‍රමසිංහ මහතා ඒ බව පැවසීය .
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ දෙවන කොරෝනා රැල්ල රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට රජය ඉක්මනින් තීරණයක් ගත යුතු බවයි.
සෞඛ්‍ය අංශ වෘත්තිය සංගම් ඇතුළු සියලු දෙනා එක් ස්ථානයකට කැඳවා රටේ සැබෑ වාතාවරණය පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පවත්වා ඉක්මනින් තීරණයක් ගත යුතුව තිබෙන බවත් තවත් කල් ගොස් මැතිවරණය කල් දැමීමට තීන්දු කළහොත් ඉන් සියලු පක්ෂවල අපේක්ෂකයන්ට අසාධාරණයක් වන බවත් එහිදී එ් මහතා අවධාරණය කර සිටියේය.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
D.N Hettiarachchi Monday, 13 July 2020 08:05 AM
mahathaya paradinawata baya wage baya wenna epa oya chandaya kawada tibbath oya guuuuu.. vidiyata paradai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

