මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා බෙදු නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටියදි මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මහනුවර නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම කාර්යාලය මගින් කළ දැනුම් දීමකට අනුව මහනුවර ටොරිංටන් උද්‍යානය අසලදී මෙම පිරිස අත්පත්‍රිකා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම පත්‍රිකාවල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙරට සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් මැලේ යන සියලු ජනතාවගේ සමඟිය හා ආරක්ෂාව අනතුරේ යන්න අත්පත්‍රිකා වල සඳහන්ව තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ නාගරික මන්ත්‍රීවරිය මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරයක් වන අතර ඇය ඇතුළු සිවු දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබේ.
ඔවුන්ට අධිකරණයෙන් සිතාසි ලද පසු අධිකරණයේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී ඇත.
චමිල් රූපසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
