මැණිකෙගෙන් වැටුණ සංචාරකයා ජීවිතක්ෂයට
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව (16) දින රාත්‍රියේ මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් (32) හැවිරිදි සංචාරකයෙකි.
ජිවිතක්ෂයට පත් ඊජිප්තු ජාතික සංචාරකයා මිට සතියකට ප්‍රථම දිවයිනේ සංචාරයක් සදහා පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදි (16) දින මධ්‍යහන 12 ට පමණ පට්ටිපොල දුම්රිය ස්ථානය අසලදි පාපුවරුවෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා තිබේ.
පසුව තුවාලකර නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකාර විදේශිකයා සමග පැමිණි ඔහුගේ මිතුරන් විසින් තුවාලකරුව කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර ලබාදිම සදහා රැගෙන ගොස් ඇත.
පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊජිප්තු ජාතිකයා මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පට්ටිපොල පොලිසිය පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

