මැණික්හින්නේ නිවසකින් ඇමෙරිකාවේ ගිනි අවියක් හමුවෙයි
මැණික්හින්න පොලිසියට ලද තොරතුරකට අනුව එම පොලිස් වසමේ ඉත්තමලියගොඩ ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 16 නවීන පන්නයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරකට අනුව නිවස වටලන විට අදාල නිවසේ සිටි පුද්ගලයකු එම ගිනි අවිය රැගෙන පලායාමට උත්සාහ කළ බවද පොලිසිය කියයි.
ගිනි අවිය සමග සැකපිට අත්අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයා ස්ථිර රැකියාවක් නොමැති ගොවිතැන් කිරීම සහ ත්රිරෝද රථ රියදුරෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකු බව පොලිස් ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් ගිනිි අවිය මීට මාස 03 කට පමණ ඉහතදී කුඹුරක ලදු කැලෑවක තිබී හමු වූ බවත් එය නිවසට ගෙනවිත් සඟවා ගත් බවත් සැකකරු පවසන බව පොලිසිය කියයි.
සැකකරුට මෙම ගිනි අවිය ලැබුණ ආකාරය සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්ද්රපාල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
