මැණික් ගල් 15 ක් ලබාගෙන ඒ සඳහා ලබාදිය යුතු රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂ පනස්දාසක (2,87,50000/=)ක් මුදලක් වෙනුවෙන් මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දුන් කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
විශ්වාසය කඩ කිරීම ,සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව සහ යාපනයේ පොලිස් වසම්වලදිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 37 අතර පසුවන බේරුවල සහ යාපනය පදිංචිකරුවන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පවත්වයි.