මැකොස කෝටි 700ක් ඉල්ලයි
ජනපතිවරණයේ වියදම කෝටි 700ක් දක්වා ඉහළ යනු ඇති බවට තමන් මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“අපේ වියදම කෝටි 450 – 500ක් යනවා. අපිට කෝටි 700ක් දක්වා යෑමට ඉඩ තිබෙන බව දන්වා අපි ලිපියක් යැව්වා. නැත්නම් මහා භාණ්ඩාගාරය කෝටි 500කින් නවතිනවා. පොලීසියටම අපේ වියදමෙන් 4න් 1ක් ගෙවන්න වෙනවා.”

popular news
-
dayan Wednesday, 16 October 2019 04:40 PM
මෙච්චර සල්ලි වියදම් කරන්නේ මක්කටය්. ඔය සය්බර් එකේ ඉන්න ජෝතිස කාරයෙකුට කිව්වා නම් ජනාධිපති තෝරලා දෙය්.
Reply : 0 0
ලංකාපුත්‍ර Thursday, 17 October 2019 06:33 AM
ජාතික ධනය මෙතරම් ප්‍රමානයක් වැයකිරීමට සිදුවන්නේ අනවශ්‍ය පුද්ගලයින්/නුසුදුසු පුද්ගලයින් මානව හිමිකම් යටතේ ඉදිරිපත්වීම නිසාය.මෙයින් ඔවුන්ගේ මානව හිමිකම් රැකෙනවා මෙන්ම රටේ සාමාන්‍ය ජනයාගේ මානව හිමිකම් උල්ලංගනය වීමක්ද වෙනවා.එසේම තැබියයුතු ඇප මුදලද වෙනස් නොවී 1978 වර්ෂයේ නියම කල මුදලම නිසා කිසිවෙකු එය ගණන් නොගන්නා බවක්ද තිබෙනවා.එනිසා දැන්වත් මෙලෙස ජනතා මුදල් මෙලෙස නාස්තිකිරීමට හේතු ඇතිකරන්නන්ට ඇප මුදල් රාජසන්තක වුවහොත් මුළු වියදම අපේක්ෂක සංඛ්‍යාවෙන් බෙදා එම මුදල අයකිරීමට නීති පැනවීම සුදුසුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

