ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට නොහැකි වුවහොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බවත් හිටපු අමාත්‍ය හා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ගාල්ලේ පැවති වැඩමුළුවකින් පසු මාධ්‍යවෙදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
“චීනයෙන් ගෙන්වනු ලැබු පොහොර නෞකාව පිටුපස ඉන්නේ මේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක්. කාබනික පොහොර කියා චිනයෙන් ගෙන්වනු ලැබු පොහොර නැව රටට ඉතාම අහිතකර බවට මේ රටේ පර්යේෂණාගාරවලින් ඔප්පුවි තිබියදි නැවතත් ඒ පොහොර නැව බලහත්කාරයෙන් අපිට ගොඩබාන්න තමයි එන්නේ.
මේ ජාවාරම්කාරයින්ගේ මේ සෙල්ලම සුදුළුණු බිකේ සිට සිනි ඇටය එනනත්කරණය දක්වා ජවාරම්කාර ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වන්නේ. කසලවලින් මළපහවලින් හදපු පොහොරවලටත් මෙක තමයි කරන්න හදන්නේ. මෙයට එරෙහිව මුළු රටම නැගි සිටිය යුතුයි.
මේ නෞකාව ගෙන්වපු කොන්ත්‍රාත්කරුවන්ට හා ටෙන්ඩර්කරුවන්ට දඩුවම් කළ යුතුයි. දැන් මේ නාඩගම ඇති. වසංගතය ජාවාරමක් කරගත්තා මෙරටට ආහාර, ඖෂධ ගෙන්විම ජාවාරමක් කරගත්තා. අපේ රටේ භෝග පස විනාශ කරන පොහොර ගෙන්විමට එරෙහිව මේ රටේ ජනතාව නැගි සිටිය යුතුයි. ඊනියා කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා කෘෂිකර්මාන්තය බිද වැටලා. වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය මේ සදහා බලපා තියෙනවා.” යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.