ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය මාස පහක කාලය දුන් සහාය පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කිරිමක් කර තිබේ.
මේ අනුව පාසල් සිසුන්ගේ දිවා ආහාරය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 5500ක් හා රුපියල් බිලියන 3ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ බව චීන තානාපති කාර්යාලය පවසයි.
මීට අමතරව බලපෑමට ලක්වූ ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් මෙන්ම ඉදිරියෙදී පාසල් සිසුන්ට අවශ්‍ය නිල අඳුුුම්වවලින් සියයට 70ක් ලබාදිමට නියමිතය.
