2022 වසරේ මැයි 30 දා සිට ඊයේ (06දා) දක්වා වූ වූ කාලය තුළදි වෙඩි තැබිම්වලින් පුද්ගලයන් 35ක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්තානය සඳහන් කරයි.
මෙම කාලය තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 29ක් වාර්තා වී තිබෙන අතර මෙම සිද්ධීන්වලින් පුද්ගලයන් 14ක් තුවාල ලබා තිබෙන බවද පොලිස් මාද්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසිය.
මෙම සිදුවීම්වලට අදාළව සැකකරුවන් 64ක් වාහන 15 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධකරුවන් සන්තකයේ පවතින ගිනි අවි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.