මාවුස්සාකැලේ හා කාසල්රී පිටාර මට්ටමට
මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්රදේශවට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්ව පවති.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් විශාලතම ජලාශ දෙක වන වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ අද (07) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙලින් අඩි 02 ක් හා අඩි එක හමාරක් පමණ පැවති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
මධ්‍යම කඳුකරයට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන් හා ඉහළ කොත්මලේ යන ජලාශ වරින් වර වාන් දැමීම හා පිටාර ගැලීම සිදු වේ. ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලණ්ඩ් හා ඉහළ කොත්මලේ යන විදුලිබලාර සියල්ලෙන්ම උපරිම විදුලි උත්පාදනයක් ලබා ගන්නා බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
කඳුකරයේ ජලාශ පිටාර ගැලීමත් සමග කැළණි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති නිසා එම ගංඟාව දෙපස පදිංචි ජනතාවට විමසිල්ලෙන් හා ආරක්ෂිතව සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය ඉල්ලා සිටී.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

