මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග මේ වන විට මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්නව පවතින නිසා එම ජලාශයේ ජලය ඉදිරියේදී මුදා හැරීමට නියමිත බැවින් එය දැඩි අවධානම් තත්වයක් නිසා කැළණි ගඟේ ජලය පරිහරණය කිරීමට ගඟට නොබසින ලෙස ජලාශයට පහල ප්‍රදේශවල සිටින ජලතාවගෙන් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී.
කැනියෝන් ජලවිදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරුවරයා විසින් මෙම ඉල්ලීම කර තිබේ.
අක්කර අඩි 93800 ක ජල ධාරිතාවක් ඇති මාවුස්සාකැලේ ජලාශයෙන් කැනියෝන් ,ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය හා බෝඩ්ලණ්ඩ් යන ජලවිදුලිබලාගාර සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කෙරේ.
ගාමිණී බණ්ඩාර