මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් තමන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශ කරයි.
රජයේ සහාය ඇතිව පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා එම කමිටුවේ සභාපතිධුරය සඳහා පත්කර ඇති බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට පෙරාතුව එම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කටයුතු කළ අතර එහිදී ඔහු ප්රශංසනීය සේවයක් ඉටු කිරීමට කටයුතු කළේය. මෙවරද එම තනතුර ඔහුට ලබාදෙන දෙන මූලික එකඟතාවක් පැවැතියේය.
