මාර්තු 7 වනදාට පසු ඉතාලියේ අඩුම කෝවිඩ් මරණ වාර්තා විම ඊයේ
මාර්තු මස 7 වනදාට පසුව ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ අගය ඊයේ (24 ) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (24) දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 531 ක් මරණ 50 ක් වාර්තා වි තිබේ.
ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 229,858 දක්වාත් සමස්ත මරණ 32,785 දක්වාත් වර්ධනය වි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ වනවිට ඉතාලියේ සක්‍රිය කොවිඩ් රෝගින් 56,594 ක් හා සුව වු රෝගින් 140,479 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල මැයි 4 දා සිට දින 21 ට පසුවත් කොවිඩ් මරණ හා රෝගීන් අඩුවීම සාධනිය ලක්ෂණයක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

