මාර්ග අංක තුනකට බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ නියමු ව්‍යාපෘතියක්
මෙරට දෛනික මගී ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධානතම මාධ්‍යයක් වන බස් රථ සේවාව තුළ පවතින මෙහෙයුම් ගැටලු අවම කිරීම සඳහා ‘බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ’ (Bus Sector Clustering) නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වී තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ විශාල සංඛ්‍යාවක් වූ පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් මඟින් ක්‍රියාත්මක වන වර්තමාන බස් රථ සේවා ක්‍රමවේදය හේතුවෙන් අධික තරගකාරිත්වය, කාලසටහන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, මාර්ගවල බස් රථ අධික වීම, අනාරක්ෂිත ධාවන හැසිරීම්, මගී අපහසුතා, රථවාහන තදබදය සහ සම්පත් අකාර්යක්ෂම භාවිතය වැනි ගැටලු මතුව තිබේ.
මෙවැනි ගැටලු සඳහා විසඳුමක් ලෙස ලෝකයේ රටවල් රැසක ක්‍රියාත්මක වන බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මෙම ක්‍රමවේදය යටතේ එකම ප්‍රවාහන කොරිඩෝවක හෝ භූගෝලීය ප්‍රදේශයක ධාවනය වන බස් රථ සේවා තනි තනි මෙහෙයුම් ඒකක ලෙස නොව, ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කළ සේවා පොකුරක් ලෙස කළමනාකරණය කෙරේ.
ඒ අනුව, ප්‍රථම අදියර ලෙස බස් මාර්ග අංක 170, 177 සහ 190 ආවරණය වන බස් රථ කොරිඩෝවන්හි මෙම ක්ෂේත්‍ර පොකුරුකරණ නියමු වැඩසටහන අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එම වැඩසටහනේ ප්‍රතිඵල මත ඉදිරියේදී එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
