මාරවිල මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ 29කට කොවිඩ්
මාරවිල මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 29ට කොවිඩ් 19 ආසාදිතවී ඇති බවට තහවුරු වීමත් සමග රෝහලේ ශල්‍යාගාරය, ශල්‍ය හා ගැබිණි වාට්ටු තාවකාලිකව ඊයේ (15දා) සවස සිට වසා දැමිමට පියවර ගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
රෝහලේ කාර්ය මණ්ඩලයේ 100 කට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව වෛද්‍යවරුන් 08ක්, හෙදියන් 15 ක් හා කන්ෂ්ඨ කාර්ය මණ්යේ සේවක සේවිකාවන් 06ක් කොව්ඩි 19 ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව නාත්තණ්ඩිය සෞඛය වෛද්‍ය නිලදාරි කාර්යාලය කියයි.
කොවිඩ් 19 ආසාදිත වෛදයවරුන් හෙදියන් හා කනිෂ්ඨ සේවකයින් සියලුම දෙනා 15 දා සවස කොව්ඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත් කිරිමට සෞඛ්‍ය නිළදාරිහු පිවයර ගත්හ.
කොවිඩ් 19 වෛරසය රෝහල් තුළ පැතිරියාම නිසා රෝහල් වෙත නව රෝගින් ඇතුලත් කිරිම නතර කර තිබේ.
රවීන්ද්‍ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
