2026.01.16 දින මැදවච්චිය, කඩවත්ගම ප්රදේශයේ නිවසක පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු දෙදරු පියෙකු වන අතර වැඩිමහල් පුත්රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇත. 2026.01.16 වන දින උදෑසන පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක ඇත.
මරණකරු වැඩිමහල් පුත්රයා සමඟ මත්පැන් පානය කර ඇති බවත්, ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත් සැකකරු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මරණකරු අවුරුදු 67 ක් වූ කඩවත්ගම, මැදවච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වයස අවුරුදු 42 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.