මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් 10 වෙනිදා සවස 4.00 පමණ නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ගැනීමට කටයුතු කළහ.
මාදුරුඔය විශේෂ බලකායේ 09 වෙනිදා පැවැති විසිර යාමේ පෙළ පාලියට නිදර්ශනාත්මක පුහුණුවට සහභාගි වෙමින් සිටියදී
ජලාශයට කඩා වැටුණු මෙම ගුවන් යානයේ සෙබලුන් දොළොස් දෙනකු ගමන් ගත් අතර ඉන් විශේෂ බලකා සෙබළුන් සිව්දෙනකු සහ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව හයදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිති.
ජලාශයට කඩා වැටුණු හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ හත්වැනි බල ගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට ක්රියාත්මක කරමින් පවතී.
විශේෂ බලකායේ විසර යාම පෙළපාළියේ සෙබලුන් එකසියතිස් දෙනෙකු විසිර යාමට නියමිතව සිටි අතර එම උත්සවයට යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්රිකෝ මහතා සහභාගි වූ අතර, හෙලිකොප්ටර් ගුවන් යානය අනතුරට පත්වීමත් සමග උත්සවය අතර මග නතර කෙරිණි.
නිමල් ජයරත්න




