මාදුරු සිදුවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී විනාඩියටත් අඩු කාලයක් තුළ විපතට පත්වූවන් මුදවා ගැනීම වෙනුවෙන් අදාළ ස්ථානයට යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් ළඟා වූ බවයි.
එසේම එම අවස්ථාවේදි ධීවරයින් පිරිසක්ද මුදවා ගැනීම වෙනුවෙන් හමුදාවට උපකාර කළ බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූතිය ප්රකාශ කිරීමට යුද හමුදාපති ලසන්ත රෝඩ්රිගෝ කටයුතු කර තිබේ.
