මාදුරුඔය රක්ෂිතයේ ඇබලවත්ත ප්රදේශයේ තිබී වන අලි සිරුරක් අද 07 උදෑසන හමු වූ බව මහියංගණය පොලිසිය පැවසීය.
වන අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද හෙට අට දින මෙම අලි මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවද පොලිසිය පැවසීය.
මහියංගණය මාදුරුඔය රක්ෂිතයේ ඇබලවත්ත ප්රදේශයේ පෞද්ගලික වගා භූමියකට මීටර් 300ක් පමණ නුදුරින් මෙම වන අලි සිරුර හමු වූ බවද පොලිසිය පැවසීය. මහියංගනය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
