ආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එකට එකතු වි කටයුතු කල යුතු බවත් මාතෘ භුමිය රට පාලන කරන අයගේවත් , විපක්ෂයේ සියළු දෙනාගේවත් නොව මේ රටේ සියළු ජනතාවගේ සම්පතක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් අද (03දා) දින ඒ බැව් කියා සිටියේ 2021-2022 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති රැස්විමකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ පක්ෂ පාට බේද නොබලා ආර්ථික වශයෙන් කඩා වැටි ඇති අප රට ගොඩ ගැනිමට සියළු දෙනා එකට එකතු වි කටයුතු කිරිම තුලින් මේ රට යලිත් ආර්ථික වශයෙන් ශක්තිමත් කල හැකි බවයි.
බලය ඇති විට ජනතා සහය නොපතන බවත්,බලය නැති විට ජනතා සහය පැතිම නොකර ආර්ථික ශක්තිමත් කල හැකි අයෙගේ උපදෙස් පිලිගනිමින් ලෝකයේ අනෙකුත් රටවල් වල සහයෝගය ලබාගෙන මෙම අර්බුධයෙන් ජය ගැනිමට කටයුතු කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් රටවාසින් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියි.
මාතෘ භුමිය රට පාලන කරන අයගේවත් , විපක්ෂයේ සියළු දෙනාගේවත් නොව මේ රටේ සියළු ජනතාවගේ සම්පතක් බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පැවසූහ.
2021-2022 වර්ෂය සදහා වු ශ්‍රි පාද වන්දනා වාරය ලබන (17) දිනට යෙදෙන වෙසක් පොහෝ දින පෙරවරුවේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව එදින දහවලින් අවසන් කරන බවත්,ඉන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත් , නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කරන බවයි.
