මීට පෙර මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගේ නිල වාහනයේ ධාවනය මසකට කි.මි.5000ක් වුවත් වත්මන් නගරාධිපති ධුරයට පත්වීමෙන් පසුවෙන් ජුලි මාසයේදී ධාවනය කර ඇති කිලෝමිටර් ප්‍රමාණය කි.මි.274 ක් බව මාතලේ මහ නගර සභාව පවසයි.
මේ සම්බන්ධව විමසීමේදී නාගරික කොමසාරිස් දිනුක බඹරදෙනිය මහතා පැවැසුවේ ජාතික ජනබලවේගයේ අජිත් අසෝක කොට්ගචිචි මහතා මාතලේ නගර සභාවෙි අභිනව නගරාධිපති ලෙස පත්වු දා සිට නිල වාහනයේ ධාවනය කි.මි.500 දක්වා අඩුවි තිබෙන බවයි.
එසේම නගර සභා රැස්වීම් අවස්ථාවලදි මන්ත්‍රීවරැන්ට සහ සහභාගි වු නිලධාරීන්ට බුෆේ ක්‍රමයට ලබා දුන් දිවා ආහාර දැන් කැම පාර්සල් ලෙසින් බෙදා දෙන බවද කොමසාරිස්වරයා පැවැසිය .අනවශ්‍ය වියදම් සියල්ලක්ම කපා හැර තිබෙන බව නාගරික කොමසාරිස් දිනුක බඹරදෙනිය මහතා පැවැසිය.
මාතලේ .ඇමි .ඩබ්ලිව් .සෝමරත්න .