මාතර ගැටුමෙන් අසරණ වූ පවුලක්
මාතර ප්‍රදේශයේ රන්භාණ්ඩ අලෙවි සැලක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලැබූ කොන්දොස්තරවරයෙකු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මාතර, දම්පැල්ල ප්‍රදේශයේ පදිංචි ඉන්දික ලසන්ත මානගේ (අවු.40) නමැත්තෙකි.
අදාළ සිද්ධියේදී සැකකරුවන් විසින් කරන ලද වෙඩි තැබීමකින් මාර්ගයේ ධාවනය වූ බස් රථයක සිටි අදාළ කොන්දොස්තරවරයා තුවාල ලැබූ අතර, මේ හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිවුදෙනා දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
“මගේ මහත්තයා පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් විදියට රැකියාව කරනවා. පසුගිය 22 වැනිදා වෙනකොට මම මාතර මහ රෝහලට ඇතුළත් වෙලා හිටියේ දරු ප්‍රසූතියක් සඳහා. එදා උදේ එයා මාව බලලා ගියා දවල්ට ආයේ එනවා කියලා. එතකොට තමයි රන්භාණ්ඩ කඩේ කොල්ලකා තිබුණේ.
එතකොටම එයා බස් එකේ එතැනින් ගිහින් තිබුණා. කොල්ලකරුවො එල්ල කරපු වෙඩිවලින් දෙකක් මගේ මහත්තයාගේ කන හරහා ගොස් හක්ක ප්‍රදේශයට වැදිලා තිබුණා. එත් එයා රෝහල්ගත කරන්න කවුරුවත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. පස්සෙ බස් එකේ රියදුරුයි, තවත් මල්ලි කෙනෙකුයි ත්‍රීවිල් එකක දාගෙන මාතර මහා රෝහලට ගෙනගොස් තිබුණා.
ඒ ගෙනියන කොට මෙයාට සිහිය තිබිලා නැහැ. දවස් එකහාමාරකට පස්සෙ තමයි සිහිය ආවේ. එක උණ්ඩයක් මාතරින් ඉවත් කළා, අනිත් උණ්ඩය ඉවත් කරන්න ගාල්ල කරාපිටිය රෝහලට ගෙනිච්චා. ලබන 02 වැනිදා ඒ ඔපරේෂන් එක කරනවා. මට නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුණා.
දැන් දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මහත්තයා තාම දරුවන්ගේ මූණවත් දැක්කෙ නැහැ. මහත්තයා මෙහෙම දෙයකට මුහුණ දුන් නිසා අපි දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ වැඩයි, මහත්තයගේ වැඩයි ඔක්කොම කරගන්න බැරිව ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපට පිහිට වෙන්න කියලා කාරුණිතව ඉල්ලා සිටිනවා” යැයි පවසා සිටියාය.
මෙම අසරණ පවුලට උපකාර කළ හැකි අයෙකු වෙතොත් එච්.බී. නිරෝෂා දමයන්ති නමින් මහජන බැංකුව, කඹුරුපිටිය ශාඛාවේ පවතින 133200160046719 දරන ගිණුමට ආධාර මුදල් බැරකළ හැකිය.
මාතර - මහේෂ් මලවර ආරච්චි



popular news
-
Champa Thursday, 28 June 2018 07:36 PM
අපිට තියෙනවා නේද සුබසාධන අමාත්‍යංශයක්? 1. මහජන මුදල් ඒ අමාත්‍යංශ වලට වෙන් කරනකොට මේ වගේ හේතු නිසා හදිසියේ අසරණ වෙන පවුල් වලට සහ දරුවන්ට උදව් කරන්නත් සල්ලි වෙන් කරනවා. මොකක් හරි vote එකක් ඇති. කවුද සුබ සාධන ඇමති? මම නම් දන්නේ නැහැ කවුද කියලා. 2. ඊළඟට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයක් තියෙනවා. මේ කාන්තාව සහ දරුවෝ ගැන සොයා බැලිය යුතුයි. 3. සෞඛ්‍ය අමාත්‍යංශයෙත් තියෙනවනේ කාන්තාවන් ගැන බලන්න. 4. මේ බස් රථයේ කොන්දොස්තරවරයාට වෙඩි වැදුනේ පොලීසිය සහ මැරයන් අතර වෙඩි හුවමාරුවක් නිසා. එහෙම වෙලාවල් වල තුවාල වෙන සිවිල් පුරවැසියන් වෙනුවෙන් සහ ඒ නිසා අසරණ වන දරු පවුල් වෙනුවෙන් ගන්න ක්‍රියාපටිපාටිය මොකක්ද? 5. එතකොට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයත් පත්තර බලන්නේ නැත්ද? --- මේ රටේ වැඩ සිද්ධ වෙන හැටි බලන්න ලැජ්ජයි. මැරයෝ, මංකොල්ලකාරයෝ ගැන කතා කරන්න, පොලිස්කාරයෙක් මරුව මිනිමරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරලා හිරගෙදර ඇතුලෙදිම වීරාභී වන්දනා පවත්වන්න, ජය ගී ගයන්න අයිතිය අරන් දෙන්න අඩු ගානේ මංගල-මාකඳුරේ-සමරවීර වගේ බලගතු ඇමතිවරු හරි ඉන්නව. අසරණ මිනිස්සු ගැන බලන්න කවුරුවත් නැහැ.
Reply : 0 34
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

