මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ සී.සී.ටී.වී. දර්ශන කෙසෙල්වත්ත පොලීසියට දෙන්න
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඇති සියළුම සී.සී.ටී.වී. කැමරා වල දර්ශන කෙසෙල්වත්ත පොලිසියට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අධිකරණ ලේඛාධිකාරීවරියට අද (19) නියම කළාය.
මහෙස්ත්රාත්වරියක ඉදිරිපිටදීම පාතාල කල්ලි සාමාජිකයකු වන ගණේමුල්ල සංජීව නමැත්තාට විත්ති කූඩුව තුලදී්ම වෙඩි තබා ඝාතනය කළ සැකකරු හා ඊට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඇති සියළුම සී.සී.ටී.වී. කැමරා වල දර්ශන අවශ්‍ය වී ඇතැයි කියමින් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු කළ ඉල්ලීක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම අපරාධ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු සිද්ධිය වු විගසම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවත් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (සෝකෝ) විසින් අපරාධ ස්ථානය නිරීක්ෂණ කළ බවත් දැනුම් දුන්හ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන් ඇතු`ථ අපරාධය වු අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් තවත් ප්‍රකාශ සටහන් කරගැනීමටට ඇති බවත් දැනුම් දුන් පොලිසිය වැඩිදුර විමර්ශන සඳහා අධිකරණ සංකීර්ණයේ ඇති සිය`ථම සී.සී.ටී.වී. කැමරා වල දර්ශන අවශ්‍ය වී ඇතැයිද දැනුම් දුන්නේය.
ඉල්ලීම් වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය.
popular news
-
Deepal Nirosh Thursday, 20 February 2025 05:23 AM
බොල ඒ පාර මේ අර වඳුරා උසාවිය ඇතුළටත් පැනල ද? පුදුම වඳුරු කරදරයක් නෙව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

