වෙත්තලකේනි ප්රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්රියේ සහ අද (2022 සැප්තැම්බර් 16) අළුයම නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්රාවක් සහ බහුදින ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඩිංගි යාත්රාව තුල සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන එම ඩිංගි යාත්රවේ ක්රියාකරුද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දොළොස් දෙනෙකු (12), කාන්තාවන් හතර දෙනෙකු (04) සහ වයස අවුරුදු 18 ට අඩු පස් දෙනෙකු (05) ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු එ ඩිංගි යාත්රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, උතුරු නාවික විධානයට අයත් පී 178 වෙරළ බඩ මුර යාත්රාව යොදවා එම මුහුදු ප්රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයන් පිරිස නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට රැගෙන යාමට සූදානමින් රැඳී සිටි බවට සැකකෙරෙන මෙරට බහුදින ධීවර යාත්රාවක්ද අද අළුයම එම බහුදින ධීවර යාත්රාවේ ක්රියාකරුවන් පස් දෙනෙකු (05) සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.
මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් විසිහය දෙනා (26) පුනරීන්, උඩුත්තුරෙයි, ඔට්ටමාවඩු සහ වාලච්චේන යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඩිංගි යාත්රාව සහ බහුදින ධීවර යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මරදන්කේනි පොලීසිය වෙත භාර දීමට නියමිතය.