මහින්දානන්ද ජනපතිට දුන් චරිත සහතිකය
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා විමෙන් පසු අධික ලෙස මිල ඉහළ ගොස් තිබු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වන විට අඩු කර වි ඇති බව හිටපු අමාත්‍ය සහ පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ වැලිගම්පොල ප්‍රදේශයේදි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සඳහා ඊයේ (04) දින පැවති ජන හමුවකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා විමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරිමට හෝ එම පක්ෂයේ සමාජිකත්වය ඉහල දැමිමට කටයුතු නොකර රටේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමට පියවර ගනිමින් සිටින බවයි.
රටේ පැවති ගෑස් සහ ඉන්ධන පොලිම් නැති කළ බවත්, ඉදිරි වසර 2 ½ තුළ රටේ පවතින ආර්ථික තත්ත්වය ඉහළ දැමිමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
anton Monday, 05 December 2022 05:22 AM
රාජිත වගේ අගමැති කෙනෙකුත් පත් වුනොත් කොහොමද....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

