මහින්දට විපක්ෂනායකම ගන්න අපි කථානායකට බල කරනවා - GL
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා හෙයින් විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය ලෙස සන්ධානයට විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“කැබිනට් එක පත්කිරීම ලේසි කරුණක් නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30ට වැඩි වෙන්න බෑ. ඒක නිශ්චිතයි. ජාතික ආණ්ඩුවක් හැදුවොත් පමණයි මේ සීමාව බලනොපාන්නේ.
30ට වැඩි යෝජනාවක් ඉදිරිපත්වුවහොත් එය ප්‍රතික්ෂේප කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව තිබෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුමක් අත්සන් කර ඒ කොන්දේසිය කඩන්න බෑ. දැන් මොකක්හරි උප්පරවැට්ටියක් තුළින් ඒ සීමාව පන්නන්න හදනවා.
සන්ධානය පක්ෂයක් ලෙස එක්වෙන්නේ නෑ කියන ස්ථාවරයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.
අපි කථානායකට බල කරනවා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධූරයට පත් කරන්න කියලා. මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතාට එම තනතුර නොදී ඉන්න අවස්ථාවක් නෑ.
සන්ධානය දැන් ඉන්නේ විපක්ෂයේ ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට එය හිමිවිය යුතුයි.”

popular news
-
W.A.D.Sam Monday, 17 December 2018 11:09 AM
එක මන්ත්රීවර්යේකුට පක්ෂ දෙකක සමජිකත්වයී ඉන්න පුලුවන්ද? මහින්ද මැතිතුමා මොන පක්ෂයටද අයත් වෙන්නේ? පෙරමුණටද-ෆොට්ටුවටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
