මයිනාගෝගමට පහරදුන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මැරයන් විසින් මේ වන විට ගෝඨාගෝගමටද පහරදීම ආරම්භ කර තිබේ.
එම අරගල භූමියේ පැවැති සියලුම කූඩාරම් ගිනිතබමින් පැරණි මහින්ද රාජපක්ෂ භීෂණය මතකයට නංවමින් මෙම පහරදීම සිදුකරයි.
මයිනාගෝගමට පහරදී ඔවුන් ගෝඨාගෝගමට පැමිණෙන තෙක්ම පොලීසිය විසින් එය වැළැක්වීමට ක්රියා නොකරනු ලැබීය.
ගෝඨාගෝගම පැවැති පුස්තකාලය, එළිමහන් රංග පීඨය, නීති ආධාර පරිශ්රය ඇතුළු සියලු දේ ඔවුන් විසින් විනාශ කරමින් පවතී.
සතියේ දිනයක් බැවින් අද පෙරවරුවේ ගෝඨාගෝගමට පැමිණ සිටියේ සීමිත පිරිසකනි. පුද්ගලික මැරයන් 4000කට අධික පිරිසක් මෙසේ ගෝඨාගෝගමට පහරදීමට පැමිණ සිටියි.