මහින්ද හෙට අගමැතිධූරයෙන් ඉවත්වෙයි
මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
" ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට ඉවත්වෙන්න තීරණය කළා. ඒ හෙට දිනයේදි ජාතිය ඇමතීමෙන් අනතුරුවයි. පොදුජන පෙරමුණ ජනපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග එක්ව පුළුල් දේශපාලන පෙරමුණක් හදනවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග." යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
To ensure stability of the nation, Former President @PresRajapaksa has decided to resign from the Premiership tomorrow after an address to the nation. The SLPP with Frm President, SLFP & others will now work to form a broader political coalition with President Sirisena.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 14, 2018
popular news
-
Nandana Friday, 14 December 2018 08:46 PM
මෙයා ද. දැන් පොහොට්ටුවේ මාද්‍ය ප්‍රකාශක ,ඔන්න පවුල් වාදය ,මේ ගොල්ලෝ අවහම කොහොමද?
Reply : 1 3
samson Saturday, 15 December 2018 02:24 AM
අනේ දෙවියනේ, වසර දහයක් ජනාදිපතිකම කල පුද්ගලයාට නේද මෙම අවමානය සිද්ද වුනේ? ඉතාමත් කනගාටුයි. තණ්හාය ජායති ශෝකෝ!
Reply : 0 0
rocky Saturday, 15 December 2018 04:56 AM
"ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන්"? අනේ මගේ කට! එහෙම නම් ඔය හොර අගමැතිකම බාර ගත්තේ මොකටද මුලදීම? ඉවත් වෙනවා කියන්න දෙයක් නැහැ, ඉවත් කරලයි ඉන්නේ. ඔය යන්නේ, නොයාම බැරි හින්දා බව මුළු රටම දන්නවා!
Reply : 0 0
Saman Saturday, 15 December 2018 05:26 AM
මචන් ඉරිසියාව හොඳද?
Reply : 0 0
Sanka Saturday, 15 December 2018 07:22 AM
ඔබ තුමාව දෙසපාලනයෙන් අනාත කලේ ඔය වටේ හිටපු 16 කල්ලියේ දෙපිටිකාට්ටු කට්ටිය.මේ අය ගොඩ පෙරකදෝරුවොවගේ දුන්න උපදෙස් ඔක්කොම නීති විරෝදිය්.දැන් ඔය විවස්තා විසාරදයෝ ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.රටම අන්ත කලා මස දෙකක්.
Reply : 0 0
Deepal Nirosh Saturday, 15 December 2018 12:20 PM
මේ අවස්ථාවෙ එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දීල මේ තීරණය ගැනීම ඥානාන්විතයි. හැබැයි ආරංචි විදියට සන්ධානෙ අය ආයිත් නව එජාප ආණ්ඩුවක අමාත්‍ය ධුර ලබාගත්තොත් නම් ආයිත් 2015 පටන් ගත් තැනටමයි යන්නෙ. ශ්‍රීලනිපයේ ඉතිරි හරියත් විනාශ වෙලා යාවි. දැන්වත් 95 දෙනා එකට ඉඳගෙන විපක්ෂ නායකත්වය ගන්න උත්සාහ කරන්න. ඊට පස්සෙ ජවිපෙ ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වළක්වා ගැනීමයි මේ මොහොතේ ජාතික යුතුකම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
