හිටපු ජනපති මහින්දර රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව මීට සුළු මොහොතකට පෙර
තංගල්ල බලා පිටත්ව ගියේය. ඔහුට කොළඹින් නිවසක් සොයා ගන්නා තෙක් කාලය කාල්ටන් නිවසේ රැදී සිටිනු ඇති
බව වාර්තා වෙයි.
හිටපු ජනපතිවරයා නිවසින් නික්ම යන අවස්ථාවේදී ඔහු හමුවීමට හිටපු මැති ඇමතිවරුන්, කොළඹ සිටින තානාපතිවරුන්
කිහිප දෙනෙක් මෙන්ම පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක්ද විජේරාමට පැමිණ සිටියහ.