මහානායක හිමිවරුන්ගෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකටම ඉල්ලිමක්
හෙට (1) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7 සිට 8 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පින්කම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.
රාති‍්‍ර 7 ට ඝණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සැදැහැවතුන් පන්සිල් සමාදන් කරවීමටත් පසුව බුද්ධ වන්දනාව සිදු කිරීමටත් කටයුතු කරන ලෙසයි මෙමඟින් උපදෙස් ලබා දි ඇත්තේ.
රතන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය ඇතුළුව පිරිත් සජ්ඡායනා කර පසුව රාති‍්‍ර 7.55 සිට ලෝවාසී සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සත්‍යකි‍්‍රයාවක් සිදුකරන ලෙසද මෙමඟින් යෝජනා කර තිබෙනවා.
නිවෙස්වල සිටම මෙම පින්කම් සදහා සහභාගි වන වන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය ගිහි සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
රටක ව්‍යසනයකට පත් වි සිටින අවස්ථාවකදි එම තත්ත්වයෙන් මිදි රටට සෙත් පතා මෙම උතුම් ක්‍රියාවන් සිදු කරන බවත් මහා සංඝරත්නය පෙන්වා දෙති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

