බුත්තල පොලිස් වසමට අයත් ඉලුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිය ගිය ඇතෙකුගේ මළසිරුරක් (11) වෙනිදා
වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.අවුරුදු විස්සත් විසි පහත් අතර වයසැති මහසිලු නමින් හඳුන්වන මෙම ඇතාගේ දළ අඩි දෙකහමාරක් පමණ වේ.
මෙම ඇතා පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ උක් වගාව වන අලින්ගෙන් බේරා ගැනීම සඳහා ඇද තිබූ විදුලි වැටේගැටී විදුලි සැර වැදී මිය යන්නට ඇතැයි මොනරාගල වනජීවී කාර්යාලයේ නිලධාරීහු සැක පළ කරති.
ඇතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පශු වෛද්‍ය නිලධාරී (දකුණු ප්‍රදේශය භාර) ධම්මි මහත්ය්මිය
විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඉන් පසු මරණයට හේතුව නිශ්චිත වශයෙන්ම අනාවරණය කර ගැනීමට හැකිවන බව ඌව පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා වැඩි දුරටත් පැවසීය.
බුත්තල පොලීසිය සහ මොනරාගල වන ජීවී කාර්යාලය පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක