පවතින ගෑස් හිගය හමුවේ අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඉවුම් පිහුම් කටයුතු සදහා කැලණියට දර ප්රදානයක් කිරීමට අනුරාධපුර , මහවිලච්චිය , පේමඩුව ප්රදේශවාසීන් පියවර ගනු ලැබූහ.
පේමඩුව රජමහා විහාරාධිපති පේමඩුවේ සුමංගල නාහිමියන්ගේ මැදිහත්වීම මත එම ප්රදේශවාසීන් විසින් රැස්කරන ලද දර ප්රමාණයක් කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාහේන සහ හිඹුටුවැල්ගොඩ යන ග්රාම නිලධාරී වසම් දෙකෙහි වැසියන් පිරිසකට බෙදාදීම සිදු කළ අතර මෙම අවස්ථාවට සුමංගල නාහිමි , ගම්පහ වැඩ බලන දිසාපති සුගත් කිත්සිරි මහතා සහ කැලණිය ප්රාදේශීය ලේකම් නදීෂානී අමරතුංග මහත්මියද එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක
