කාබනික පොහොර නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් මහවැලි ඩී කලාපයේ ගොවීන් කාබනික පොහොර ටොන් 5000 ක් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.
මහවැලි ඩී කලාපයේ බිසෝපුර ඒකකයේ ගොවීන් එක්වයි මෙලෙස කාබනික පොහොර ටොන් 5000 ක් නිෂ්පාදනයට දායක වී ඇත්තේ. දිරායන, ඉවතලන සියලු අපද්‍රව්‍ය යොදාගෙන මෙම කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙනවා. මොරගහකන්ද මහවැලි කලාපයේ ගොවීන් 1700 ක් කාබනික පොහොර නිෂ්පාදනයට දායක වී සිටිනවා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කීර්ති කොටගම මහතා ඇතුලු නිලධාරීන් ද මෙහි ආරම්භක අවස්ථාවට එක්ව සිටියේය.