බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවූ මහියංගණය හා රිදීමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට ( ගැමුණුපුර) ඇගලුම් කම්හල් වල තත්වය මේ වන විට පාලනය කර ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ගෙන් කළ විමසුමකදී පැවසීය .
ගැමුණු පුර ඇගලුම් කම්හලේ සියළුම සේවකයන් මේ වන විට පී.සී.ආර් පරික්ෂණයට ලක් ඇති අතර අද (11) දිනට වාර්තාවූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 579 දෙනෙක් බවත් ඒ සියලු දෙනා ප්‍රතිකාර සදහා යොමුකළ අතර ඉන් 97 දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් වලට පැමිණ ඇති බවත් සදහන් කළේය .
පළමු පී.සී.ආර් . පරීක්ෂණයට ලක්කළ අනෙක් සියලු සේවකයන් දෙවන පී.සී.ආර් පරීක්ෂනයට ලක් කිරීමෙන් පසු දැනට වසා දමා ඇති මෙම ඇගලුම් කම්හලේ කටයුතු තවත් දින දෙක තුනක් තුළ ආරම්භ කිරීමට හැකියාව ඇති බව පැවසීය .
මහියංගණය ඇගළුම් කම්හලේ හමුවු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 115 කි . ඔවුන් සේවයකළ අංශය වසා දැමූ නමුත් සෙසු අංශවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද පැවසීය .
මෙහිදී හමුවූ ආසාදිතයන් සියලු දෙනාම ප්‍රතිකාර සදහා යොමුකළබවත් ඇතමුන් සුවය ලබා නිවෙස් වලට පැමිණ ඇති බවත් සඳහන්කළේය .
මෙම කම්හල් දෙකේම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුලු ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර ඇත බැවින් මහියංගණය හා රිදීමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පවුල් පිළිබදව පසුවිපරමින් පසුවන නිසා බාහිර සමාජයට රෝගය පැතිර යාමේ ඉඩක් නැති බවද බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත ද සිල්වා අවධාරණය කළේය .
පාලිත ආරියවංශ - බදුල්ල