මහමෝදර රෝහල ස්ථිර බන්ධනාගාරයක් කිරීමට කිසිම අදහසක් නෑ
ගාල්ල මහමෝදර මාතෘරෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස තාවකාලිකව පවත්වාගෙන යාමට ගත් තීරණය නැවත සලකා බැලීම පිළිබදව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ දි පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දි සාකච්ඡාවට ලක්ව ඇත.
මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවන තෙක් එම රැඳවියන් තාවකාලිව මහමෝදර සහ බෝගම්බර කඳවුරුවල රඳවා තැබීමට තීරණය කළද, එය ස්ථීර බන්ධනාගාර බවට පත් කිරීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මහමෝදර රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කිරිමට ගත් තීරණය නැවත සලකා බැලීමට ද මෙහිදී අවධානය යොමු විය. ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ මහමෝදර පරිපාලන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්කොට ඇති අතර ගාල්ල පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු රජයේ ආයත 18ක් මහමෝදර වෙත ගෙන යාමට සැලසුම්කොට ඇත. ගාල්ල බන්ධනාගාරය බූස්සේ ඉදිකිරීමටද සැලසුම්කොට ඇත.
ගාල්ල මහ මෝදර මාතෘරෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කොට තිබුණි..බන්ධනාගාර ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් අධිකරණ ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාකාර ආඥා පනතේ කාර්යයන් සඳහා මහ මෝදර මාතෘරෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදයක් මගින් නියම කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

